Saturday, September 21, 2024

යොහානිගේ පියා යුද අපරාධකරුවක්… ඊළාම් දෙමළ ජනතාව යොහානිට සහය නොදිය යුතුයි – යොහානිට ඩයස්පෝරාව ගොරවයි

යොහොනි ද සිල්වා ලොව පුරා ජනප‍්‍රිය වීමත් සමඟ කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර තිබේ. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ට්විටර් හරහා මෙවැනි ප‍්‍රකාශ පළකර තිබේ.

ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළාම් දෙමළ ජනතාව යොහානිද සිල්වාට සහය නොදිය යුත්තේ ඇගේ පියා යුද අපරාධකරුවකු නිසා බව එක් ට්විටර් පණිවුඩයක සටහන් විය. තවත් පණිවුඩයක සඳහන් වූයේ යුද අපරාධකරුවෙකුගේ දියණියක වන යොහානිගේ ජනපි‍්‍රයතාවය බරපතළ ප‍්‍රශ්නයක් බවයි.

කොටි හිතවාදී කණ්ඩායම් මෙවැනි ප‍්‍රකාශ සිදුකරන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් යොහානිට වසඟවී ඇති නිසාය. ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රාන්තවල තමිල්නාඩුවේ කේරළයේ පවා මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනපි‍්‍රය වී ඇත.

යොහානි දිල්ලියේ මෙන්ම හයිද්‍රාබාදයේ ද පැවැත්වූ ප‍්‍රසංග ඉතා සාර්ථක වී තිබේ.

කොටි හිතවාදී සුළුතරයකගේ ප‍්‍රචාර දෙස් විදෙස් හී වෙසෙන කෝටි සංඛ්‍යාත යොහානිගේ රසිකයන්  පිළිනොගන්නා බව පැහැදිලිය.

අපේ රටට අභිමානය ගෙනදෙන යොහානිගේ පියා අපේ රටට අද්විතීය මෙහෙවරක් ඉටුකළ සෙන්පතියෙකු වීම දෙමළ ඩයස්පෝරාවේ මේ නෝක්කාඩුවට හේතු වී තිබේ.

මේ අතර දිල්ලියේ සංගීත ප‍්‍රසංගය අතරතුර ගිටාරය මුහුණේ වැදීම නිසා තමා සුළු අනතුරකට මුහුණ දුන් බව යොහානි සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි.

එම ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles