රාජ්‍ය තෙල් සංස්ථාව PSL නැමැති ඇමරිකානු සමාගමකින් ඩොලර් බිලියන දෙකහමාරක ණයක් ලබාගැනීමට යන බවත් කළු සල්ලි සිදු කිරීම සඳහා රටේ තෙල් සංස්ථාව යොදාගැනීම රටක් වශයෙන් බරපතළ හානිදායක තත්ත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරනවා.
එකී ඩොලර් බිලියන දෙකහමාරක ණය මුදල ස්වෛරී බැඳුම්කරයක් හෙවත් රජයේ බැඳුම්කරයක් ඇප වශයෙන් තබා ලබා ගැනීමට සූදානම් වන බවත්ද සමරසිංහ මහතා පැවසුවා.
විශේෂයෙන්ම මෙම ණය ලබා ගැනීම ක්‍රියාත්මක වන්නේ ඒජන්තවරයකු හරහා වන අතර බ්‍රෝකර් ගාස්තු වශයෙන් 7%ක් ගෙවිය යුතු බවත් එසේ නම් අදාළ සමාගම කවුද ?, මෙම මුදල් බැහැර වන්නේ කුමන පුද්ගලයාට දැයි ඒ මහතා ප්‍රශ්න කරනවා.
මේ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ දැයි ප්‍රශ්න කරන ඒ මහතා තව දුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර බැඳුම්කර විකිණීමට නොහැකි වීම මේ රට ණය ලබාදීමට විවිධ රටවල් අවිනිශ්චිතව පළ කිරීම වැනි කාරණා තිබියදී මෙවැනි ණයක් ලබාගැනීමට යෑම තුළ ගැටලු කරනාවක් පැන නැගී ඇති බවයි.
තවද මෙම සමාගම සමග අපේ රටට ඇති සම්බන්ධය කුමක්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළා.
අනුරාධා හේරත් – මවිබිම