ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ඕමානයට

0
300

20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයන්ද සමග ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත වේ.

ලෝක කුසලාන තරගාවලිය ලබන 17 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය නැමීබියා කණ්ඩායම සමග 18 වැනිදා අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානය සමග තරග දෙකකට සහභාගි වන අතර එම තරග දෙක ඕමාන්හි අල්-අමේරාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ ලබන 07 වැනිදා සහ 09 වැනිදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here