Sunday, September 22, 2024

සජබ පහට කැඩිලද ? – අපි එළියට අවේ කැඩෙන්න නෙමෙයි – තලතා කියයි

අපේ පක්ෂය හදා ගෙන සජිත් ප්‍රේමදාස මහතා සමග අපි එළියට අවේ කැඩෙන්න නෙමෙයි කඩන්න නොමයි බව වගකිමෙන් කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පවසයි .

තලතා අතුකෝරල මහත්මිය කියා සිටින්නේ ඇතම් මධ්‍ය හා පුවත්පත් 2019 දි කරපු විගඩම් ජනතාවට මතක් විය යුතු බවත් කැළණි ගගේ පොලව පළා ගෙන ආ නාගය සිට ධම්මික පැණිය, ගංගා වලට මුට්ටි අතහැරිම ඉදලා මේ රටේ මිත්‍යා මත පතුරුවමින් රටේ ජනතාව අන්ධකාරයට පත් කරමින් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගන්න මෙවෙනි පුවත් මවමින් සිටින බවයි .

සමගි ජන බලවේගය 5කට කැඩෙන කියමින් වර්තා කළ පුවතේ පිංතූර 4ක් පමණක් තිබෙන බවත් මෙවෙනි බොරු ප්‍රචාර සිදු කරන්නේ සමගි ජන බලවේගයට බිය වි ඇති නිසා බවයි තලතා අතුකෝරල මහත්මිය පවසන්නේ .

ඇය වැඩි දුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ ඉදියේදි ආණ්ඩුවක් පිහිටවන බවත් ඒ පිළිබඳ කවුරුවත් කිසිම සැකයක් නොතබා ගත යුතු බවයි .

මෙි අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන සිදුවීම් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේදැයි ඇය ප්‍රශ්න කර සිටියා.

ජාතික ආරක්ෂාව පවා බිල්ලට දෙමින් බලය තහවුරු කර ගැනීම රජයේ අභිලාෂය බවයි තලතා අතුකෝරාල මහත්මිය එහිදී කියා සිටියේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමද පුද්ගලයින් දෙදෙනෙක් වෙත පවරා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ පිරිස් චෝදනා වලින් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බවටද තලතා අතුකෝරාල මහත්මිය එහිදී චෝදනාවක් එල්ල කලා.

ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙිබව පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles