Sunday, September 22, 2024

යොහානි ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට


ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින් පද රචනා කර ගායනා කරනු ලබන ගමාන්තය පිළිබඳ ගීත වීඩියෝවක් එළිදැක්වීමටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ

ඒ අනුව ලබන වසරේ (2022) ජනවාරි මස පැවැත්වෙන ‘‘එක්ස්පෝ 2020 ඩුබායි’’ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයදා ඇයගේ ගීත වීඩියෝවක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. සංස්කෘතික විවිධ ප්‍රසංගයක් ද ක්‍රියාත්මක කෙරේ.

‘‘මැණිකේ මගේ හිතේ” ගීතය මුදාහැරීමත් සමග යොහානිද සිල්වා ඉන්දියාවේ මෙන්ම මැද පෙරදිග ද සමාජ මාධ්‍ය ආකර්ෂණයට බඳුන් වූවාය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වෙළෙඳපොළ ලෙස සැලකෙන ඉන්දියාව සහ මැදපෙරදිග සමාජ මාධ්‍ය ආකර්ෂණයට යොහානි ලක්ව තිබීම හේතුවෙන් සන්නාම ප්‍රවර්ධනයට ඇය යොදා ගත හැකි බව සංචාරක අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

එම නිසා ශ්‍රී ලාංකික සංචාරක ව්‍යාපාරය සඳහා විශිෂ්ට සන්නාම සබඳතාවක් ඇති කිරීමට ඇය තෝරාගැනීමට තීරණය කළ බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි. ඩුබායි ප්‍රදර්ශනය සඳහා ඇය නිර්මාණය කර එළිදැක්වීමට නියමිත ගීතයට රුපියල් මිලියන පහක් පමණ වැය වන බවද ගණන් බලා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles