Monday, September 23, 2024

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ නඩුව ඇරඹේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ බන්ධනාගාර ගත සැකකරුවන් විසි පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ අද (04) ප්‍රථම වතාවට කැඳවීමට නියමිතය.

දිවයිනේ ස්ථාන අටකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා 23,270ක් යටතේ ගොනුකරන ලද මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවේ.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පරිදි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල පසුගිය මස 01 දින පත් කරන ලදී.

සියලු සැකකරුවන්ට අදාළ සිතාසි බන්ධනාගාර අධිකාරි මගින් යොමුකර ඇති බවත්,නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කර ඇති බැවින් නඩුව කැඳවීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බවත් රෙජිස්ටාර්වරයා පැවසීය.

නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විසිපස් දෙනකුට මෙම අධි චෝදනා ගොනුකර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles