විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට – රංජිත් බණ්ඩාර

0
319

මෙරට ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේය.

මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවද ඔහු සදහන් කළේය.

අරලියගහ මන්දිරයේදී පිරිසක් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති සාකච්ඡාවක දී ඔහුද සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වනු ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here