කිසිම පදනමක් නොමැතිව මෙරට තෙල් ටැංකි සම්බන්ධයෙන් සමාජයේ අසත්‍ය කටකතා පැතිරෙනවා

0
306

ඉන්දියානු විදේශ ලේකම්වරයා සහ තමා අතර කිසිදු හමුවීමක් සිදු නොවුණු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (04) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කිසිම පදනමක් නොමැතිව මෙරට තෙල් ටැංකි සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ විවිධ අසත්‍ය කටකතා පැතිර යන බව ද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය. එය හුඹස් භියක් බව අමාත්‍යවරයා කීය.

මෙරට සියලුම තෙල් ටැංකි ඉන්දු ලංකා ගිවිසුවෙන් 1987 සහ 2003 වසර වලදී ඉන්දියාවට පවරා ඇති බව කී අමාත්‍යවරයා, වසරක් පුරා තමා ඇතුළු රජය, එම තෙල් ටැංකි අප සතු කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරමින් ඒ සඳහා උත්සායහක් දරමින් සිටින බවද කීය.

කෙරවලපිටිය LNG බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෞද්ගලික අංශය බලශක්තිය සම්බන්ධ ව්‍යාපාරයන්ට සම්බන්ධ වීම සම්බන්ධයෙන් රජයේ විරුද්ධත්වයක් නැතැයිද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here