මාලදිවයිනෙන් ණය ගැනීමේ සූදානමක්

0
332

අද වන විට මෙම රජය බංකොලොත් වී ඇති බවත් රජයට ඩොලර් නැති බවත් එය අද වන විට රටේ මූලිකම ප්‍රශ්නය වී ඇති බවත් සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් රජය හැම තැනකටම ණය වෙමින් හැමතැනින්ම සිඟා කමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දැනට බංගලාදේශයෙන් ණය ගන්නා රජය හෙට අනිද්දා මාලදිවයින් ද ණය ගනු ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට මෙරට බැංකු පද්ධතිය තුළද ඩොලර් නොමැති බවත් බැංකු ද බංකොලොත් වෙමින් යන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය මත රජයට සිදුවී ඇති එකම දෙය රටේ දේපළ විකුණා දැමීම බවත් ඔහු පැවසීය.

සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here