කොළඹට එන දැවැන්තයා- ලොව විශාලතම බහලුම් නෞකාව හෙට කොළඹට

0
346

ලොව විශාලතම හා දිගින් වැඩිම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වශයෙන් සැලකෙන “Ever Ace” නෞකාව හෙට (05) වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

දිගින් අඩි 1300ක් සහ අඩි 202ක් වන මෙම නෞකාවෙන් බහාලුම් 24000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකියි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති නාවුක කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා සඳහන් කලේ කොළඹ වරායට බහාලුම් ප්‍රමාණයක් රැගෙන මෙම නෞකාව හෙට පැමිණීමට නියමිතව ඇති බවයි.

කොරියාවෙි නිෂ්පාදිත මෙම නැව රොටර්ඩැම් වරායෙන් ඉකුත් මස දියත් විය. ලොව විශාලතම බහාලුම් නෞකාවේ වාර්තාව සෑම වසරවලදී බොහෝ විට බිඳ වැටී ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ එය අඛණ්ඩව බිඳ වැටෙනු ඇති බව පෙනේ.කොළඹ වරාය මෙවැනි නෞකාවන් පහසුවෙන් හැසිර විය හැකි ලොව පිලිගත් වරායන් අතළොස්සෙන් ඒකක් ලෙස සැලකේ.

මෙම නෞකාව හෙට දින දකුණු කොළඹ වරාය පර්යන්තයට (CICT) පෑමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here