අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල් අත්සන් භාවිතයේ ප්‍රථම පියවර තබයි

0
318

අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද ආරම්භ කෙරුණා.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා සිය ඩිජිටල් අත්සන තබමින් නිල වශයෙන් ඩිජිටල් අත්සන් භාවිත කිරීමේ වැඩ සටහන ආරම්භ කරනු ලැබුවා.

කොවිඩ්19 වැනි වසංගත අවස්ථාවලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබා දීම මෙහි ප්‍රධානතම අරමුණයි.

ඉදිරියේදි අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි, ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here