Saturday, September 28, 2024

ඉන්දියාවේ ගොවි විරෝධය උත්සන්න වෙයි

ගොවි විරෝධතාවයක් අතරතුර ගොවින් ඇතුළුව 8 දෙනෙක් මියයාම හේතුවෙන් උතුරු ඉන්දීය නගරයක ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

එම සිදුවීම ඊයේ වාර්තා විණි.

කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්හිම්පුර් නගරයේදී පැවති විරෝධතාවයක් අතරතුර දී ගැටුම් ඇතිවීම හේතුවෙන් එම මරණ සිදුව තිබේ.

මධ්‍යම රජයේ අමාත්‍යවරයෙකුගේ මෝටර් රථයක් විරෝධතාවයේ යෙදෙමින් සිටි ගොවියන් දෙදෙනේක්ව යටකරමින් ගමන් කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරී තිබුණි.

අමාත්‍යවරයාගේ පුත්‍රයා එම වාහනය විරෝධතාකරුවන් දෙසට ධාවනය කළ බවට ගොවීන් චෝදනා කරයි.

නමුත් එම චෝදනාවට ලක්වූ අජේ මිස්රා අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

විරෝධතාකරුවන්ගේ පහරදීම හේතුවෙන් වාහනයේ සිටි සිව් දෙනෙක්ද මරණයට පත්වී ඇති බව පොලීසිය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles