Saturday, September 28, 2024

විදුලි මෝටර් රථ ක්ෂේත්‍රයේ අලුත්ම පෙරළිය Lucid Air Dream Edition

Lucid Group කියන්නේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක්. එහි මූලස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ.

ඔවුන් නිෂ්පාදනය කළ නවතම විදුලි මෝටර් රථය එළිදැක්වීම සිදුකරලා.

එය නම් කර තිබෙන්නේ “Lucid Air Dream Edition” යනුවෙන්.

එරට පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් හෙළිකළ ආකාරයට එම මෝටර් රථය එක්වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට ගමන් කළ හැකි සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 520ක්.

එය මෙතෙක් එම ආයතනය මගින් ශ්‍රේණිගත කළ වාහන අතුරින් ඒ ආකාරයට වැඩිම දුරක් ධාවනය කළ හැකි මෝටර් රථය ලෙස සඳහන්. ටෙස්ලා සමාගමේ “Model S Long Range” රථය ට එවැනි දුරක් යා නොහැකියි.

එය ආරෝපණය කළ පසු යා හැකි උපරිම දුර ලෙස සඳහන් වන්නේ සැතපුම් 405ක්.

නව මෝටර් රථයේ වැදගත් කම වන්නේ ඉන්ධන පිරවූ මෝටර් රථයක්ද එකවර එවැනි දුරක් ධාවනය කළ නොහැකි වීමයි.

මෙම “Dream Edition” මෝටර් රථයේ මිල ඩොලර් 169,000ක් ලෙස දැක්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles