Friday, September 27, 2024

Facebook,Whatsapp,Instagram සේවා නැවතත් යථා තත්ත්වයට

බිඳ වැටීමකට ලක් වූ Facebook, WhatsApp, Instagram, Messenger සේවා මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී 9.25 ට පමණ ලොව බොහෝ රටවලට Facebook, WhatsApp, Instagram, Messenger සේවා බිඳ වැටීමටකට ලක් වූ අතර පැය කිහිපයකට පමණ පසු නැවතත් එම සේවා යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එහි ප්‍රධාන සර්වර්වල සිදුවූ තාක්ෂණික ගැටුවක් හේතුවෙන් ඊයේ (04) රාත්‍රියේ එම බිඳවැටීම සිදුවී තිබුණි.

මෙම හදිසි බිඳවැටීමට තවමත් ස්ථිර තොරතුරක් Facebook සමාගම විසින් පවසා නැති අතර sixty minute නම් රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වැඩසටහනකට එක්වෙමින් දත්ත විශේෂඥයකු විසින් හෙලිකල  ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් ෆේස්බුක් සමාගම විසින්ම අදාළ තීරණයට එළැඹ ඇති බවයි.අදාල විද්‍යාඥ විසින් හෙළිකර ඇත්තේ ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි එය ෆේස්බුක් සමාගමේ කීර්තිනාමයට සහ පැවැත්මට බරපතළ බලපෑමක් ඇති කරන බවත් ඔහු පෙන්වා දී සිටියා. මෙහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණේ ෆේස්බුක් සමාගම සමාජ යහපත සහ ආයතනය සුබසිද්ධිය සලකා බැලීමේදී සෑම විටම ආයතනික සුබසිද්ධිය සහ ප්‍රතිලාභ අන්තයේ සිටිමින් කටයුතු කරන බවයි

ලෝකයේ මේ අයුරින් සමාජ මාධ්‍ය බිඳවැටීමක් වාර්තා වූයේ 2019 වර්ෂයේදීය.මේ සම්බන්ධයෙන් ෆේස්බුක් අඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම හදිසි  බිඳවැටීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි.

මෙය මෙතෙක් සමාජ මාධ්‍ය වල දුටු විශාලතම බිඳවැටීම බවට වුන්ඩෙකර් නම් ආයතනය පවසනවා. එමෙන්ම ලොව පුරා ගැටලු වාර්තා මිලියන 10.6 මේ සමග වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පැය හයකට ආසන්න කාලයක් බිඳවැටී තිබූ එම සේවා මේ වනවිට ගැටලුවකින් තොරව නැවත භාවිත කිරීමේ හැකියාව පවතන බව Facebook සමාගම පවසනවා.Whatsapp, Instagram හා Messenger සේවාවන් Facebook සමාගම සතු වන සමාගමි වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles