Friday, September 27, 2024

නිරූපමාගේ පැන්ඩෝරා සල්ලි ගැන අනුර හෙළි කරයි!

රාජපක්ෂවරුන්ගේත්, රනිල් වික්‍රමසිංහගේත්, අජිත් නිවාඩ් කබ්රාල්ලාගේත් රහස් ගනුදෙනු පිළිබදව ජනතා විමුක්ති පෙරමූණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.

පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කළ නිරූපමා රාජපක්ෂ මහත්මීයගේ රහස් ගනුදෙනු පිළිබද අදහස් දක්වමින් දිසානායක මහතා මේ බව කීය.

එම ලේඛනවල සදහන් තිරුකුමාර් නඩේසන්ගේ නම මල්වානේ ආන්දෝලනාත්මක ඉඩමේ ඔප්පුව පවතින බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහ රෑ බලය හුවමාරු කර ගැනීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සමග යන්නේ තිරුකුමාර් නඩේසන් බවත් දිසානායක මහතා අනාවරණය කළේය.

අමෙරිකාව මගින් අත්අඩංගුවට ගෙන සිරගත කළ ඉමාඩ් සුබේරි හට නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධූරය දැරූ සමයේ ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇති බව කී ඒ මහතා මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පත වරක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට චීනයෙන් මුදල් ලබා දුන් බව හෙළිකරද්දී මහින්ද රාජපක්ෂ මහතා එම පුවත්පතට නඩු දමන බව කීවත් අදවන තුරු එවැන්නක් සිදුව නැති බවද දිසානායක මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles