Thursday, September 26, 2024

‘ඇන්ටිජන් මෑන්’ ගැන මරික්කාර් කතා කරයි

ඇන්ටිජන් මෑන් කෙනෙකු පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අදහස් පළ කළේය.

“ඇන්ටිජන් මෑන්ගේ පත්තරේ සමගි ජන බලවේගය පහට කැඩෙයි කියලා තියෙනවා. හැබැයි තියෙන්නේ පිංතූර හතරයි. මේ අය සිගිති ආතල් එකක් ගන්නවා

මේ අය කොහොමද මෙතැනට ආවේ, ඇයි මෙහෙම කරන්නේ කියලා බලන්න ඔින. ගජ මිතුරු වපසරියක් හදාගන්න, මුට්ටි ගගට දාලා. පැණි ප‍්‍රවර්ධනය කරලා, වසංගතයෙන් වාසි ලබාගැනීමට කටයුතු කළ අය ගජමිතුරු ව්‍යාපාරික වරප‍්‍රසාද ආරක්ෂා කරගැනීමට රටේ ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කිරීමට කටයතු කරනවා.

රටේ ඇන්ටිජන් ගැන රටේ ජනතාව කතා කරනව විට, ඇන්ටිජන් වලට ගෙවන මිල සාධාරණද කියලා අහන විට මේ අය අවධානය වෙන පැත්කකට දානවා. සීනි ප‍්‍රශ්ණයක් ගේනවා. ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය කුඩු පට්ටම් වන විට පළාත් පාලන ඡන්දයත් අවුරුද්දකින් කල් දානවා.

මේ වගේ චූටි චූටි දේවල් දාලා, කොම්බුවට ඔ්න විදියට මාධ්‍ය හසුරවලා රට ඒ අයට ඔහොම රවටන්න බෑ.

2015 දී සීගිරියට වඩා උස කටටවුට් ගහගෙන හිටියත් නිහඩ විරෝධයෙන් රාජපක්ෂ ගෙදර යැව්වා. වත්මන් ආණ්ඩුව කරලා තියෙන දේවල් එක්ක, සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයත් එක්ක ලපටි නිව්ස් ප්ලාන්ට් කරලා අපේ දේවල් යට ගහන්න බෑ

කොම්බු නාලිකාවට අපි කියනනේ විපක්ෂයේ දේශපාලඥයින් බ්ලැක් ලිස්ට් කරලා සිගිති සතුටක් ගන්න පුලුවන්. ඔබලා කරන දේවල් නිසා මේ බ්ලැක් ලිස්ට් කරපු අය ලබන මැතිවරණයෙන් උඩින්ම ජයගන්නා බව සහතිකයි.”

මමත් මාධ්‍යයේ සිටි අයෙක් ලෙස මාධ්‍ය නිදහස අගය කරනවා. මේ තරංග මහජනතාවට අයත් දේපල’ යනුවෙන් පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles