අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි

0
312

අද (05) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here