නිරූපමා කිසි දිනක රාජපක්ෂවරු සමග දේශපාලනය කර නෑ – මහින්ද පතිරණ

0
369

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාප්පාගෙන් දියණියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මිය 2015ට කලින් දැරි නියෝජ්‍ය ඇමති ධුරයෙන් පසු කිසි දිනක රාජපක්ෂවරුන් සමග දේශපාලනයක් සිදු කර නැතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ඔවුන් අතර ස්වාභාවික ඥාතිකමක් පමණක් තිබී ඇති අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇයට ලබාදී තිබුණේ වැදගැම්මකට නැති නියෝජ්‍ය ඇමතිකමක් පමණක් යයිද ඔහු කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙන්නේ දැනට වසර කිහිපයකට පෙර පළවූ වාර්තා කිහිපයක් ද උපුටා දක්වමිනි.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here