පැය හයක කාලයක් සමාජ මාධ්‍ය බිඳවැටීමෙන් සකර්බර්ග්ට සිදුවූ පාඩුව මෙන්න

0
360

ඊයේ (04) රාත්‍රී Facebook, WhatsApp, Instagram, Messenger සේවා බිඳ වැටීම තුළින් Facebook සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කමට අමෙරිකානු ඩොලර් බිලියන 7 ක පාඩුවක් සිදුව තිබෙනවා.

ඒ සමඟ බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ඔහු ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ පස්වන ස්ථානය දක්වා පහත වැටී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව සැප්තැම්බර් මැද වන විට මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 192 ක් වූ අතර එය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 120.9 දක්වා පහත වැටී තිබෙනවා.

ෆේස්බුක් හි අවසන් වරට මෙවැනි බිඳ වැටීමක් වාර්තා වූයේ 2019 වසරේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here