Tuesday, September 24, 2024

සුදු ළුෑණු වංචාවක් සිදුව ඇති බව රජය අවංකවම පිළිගන්නවා – බන්දුල ගුණවර්ධන

ලංකා සතොස ආයතනයේ දැවැන්ත පරිමාණයේ සුදු ළූණු වංචාවක් සිදුව ඇති බවට එල්ලවී ඇති චෝදනාව රජය අවංකව පිළිගන්නා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ අනුව ලක් සතොස ආයතනය සම්මත ටෙන්ඩර් පටිපාටියට බැහැරව මිල ගණන් තුනක් අයථා ලෙස අරගෙන තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පෑලියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් අනාවරණ වී ඇති තොරතුර පිළීබදව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සියලු කරුණු අනාවරණ කර ගනිමින් සිටින බවත් මෙම වංචාව සම්බන්ධයෙන් හෙට දිනයේදී තමන් අමාත්‍යංශ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව වෙත කරුණු දක්වන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles