කිරිපිටි,ගෑස්,සිමෙන්ති මිල තිරණයට විශේෂ කැබිනට් රැස්විමක් අද

0
544

කිරිපිටි, ගෑස්, පාන් පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීම සම්බන්ධව කිසිදු තීරණයක් ඊයේ (05 දා) පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන නැත.

මේ සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ඉදිරි දින කීපයේදී පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

ඩොලරයේ මිල ඉහළ යෑම නිසා මෙම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට මේ වනවිට ව්‍යාපාරිකයන් පියවර ගෙන තිබේ.

ඒ නිසා වෙළෙඳ පොළේ මෙම භාණ්ඩවල හිඟයක් පවතී. එබැවින් කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්, කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින්, සිමෙන්ති රුපියල් 50 කින් සහ පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් මිල ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස මෙම භාණ්ඩ ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here