විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට සභාපති ධූරයක්

0
425

එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධුරය සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පත්වි ඇත. අද(06) කොරියා ජනරයේ සුවොන් සිටි හි පැවැති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම  ධුරය සඳහා පත් කර ගනු ලැබීය.  

මේ දිනවල දකුණු කොරියාවේ   සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව , පරිසර බලධාරින්ගේ මෙම නියෝජිත සමුළුව පැවැත්වේ. ඒ අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහනේ 05 වන මහා සභා රැස්වීමේ දී ආසියා පැසිපික්  කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here