Monday, September 23, 2024

“මමත් මගේ බිරිදත් අහිංසකයි” – තිරුකුමාර් නඩේසන් ජනාධිපතිට ලියයි

පැන්ඩෝරා පේපර්ස් හරහා ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව (International Consortium of Investigative Journalists – ICIJ) වෙතින් එල්ලවී ඇති චෝදනා වලින් තමන් සහ බිරිඳ වන නිරුපමා රාජපක්ෂ නිර්දෝෂී බවත්, කිසිදු වරදක් සිදුකර නොමැති බවට සහතික කර පැවසීමට හැකි බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා තිබෙනවා.
එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙස පැන්ඩෝරා ලේඛන වල නම ඇතුළත් තිරුකුමාර් නඩේෂන් මහතා විසින් ඉල්ලා සිටිනවා.

ඔහු, රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතිවරියක් වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා ය.

“මා සහ බිරිඳ කිසිදු වරදක් සිදුකර නෑ.. ඒ වගේම අප මේ චෝදනා වලට නිර්දෝෂී යැයි සහතික කර පවසන්න පුළුවන්” යනුවෙන් තිරුකුමාර් නඩේසන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් වෙි.

ඔහු එමගින් ඉල්ලා සිටින්නේ, පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම සඳහන් වී ඇති බවත් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන පරීක්ෂකවරයෙකු පත්කරන ලෙසත්ය.

ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීම වඩාත් සුදුසු බව සිය ලිපියෙන් ඔහු පෙන්වා දෙයි.

ICIJ විසින් සිදුකරන ලද ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් අනුව අක්වෙරළ සමාගම් හරහා සිදුකරණ ලද ගනුදෙනු සම්බන්ධයෙන් නිරුපමා සහ නඩේසන් ගේ නම් පැන්ඩෝරා ලිපිවල සඳහන් වී තිබුණා. මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් නමින් ප්‍රකට වුණු මෙම වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නියෝග කළා.

අදාළ ලිපිය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles