මහත්මා ගාන්ධිට උපහාර පිදීමට ලෝකයේ ලොකුම ජාතික ධජය හිමාලයේ දී එසැවේ.

0
337

අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ක්‍රමය ඔස්සේ නිෂ්පාදනය කළ ලෝකයේ ලොකුම ජාතික ධජය ඉන්දියාවේ හිමාලය ආශ්‍රිත ප්‍රාන්තයක් වන ලඩාක් හි ලේ නගරයට නුදුරු ප්‍රදේශයකදී ප්‍රදර්ශනය කර තිබේ.

ඉන්දි‍යාවේ ජාතියේ පියා මෙන්ම එරට අත්යන්ත්‍ර පේෂකර්මාන්තය නගා සිටුවීම සදහා මූලිකව ක්‍රියා කළ පුරෝගාමියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධිතුමන්ට උපහාර පිණිස ඔහුගේ ජන්ම දිනය යෙදුණු ඔක්තෝබර් 02 වනදා මෙම ධජය ප්‍රදර්ශනය කළ බව එරට බලධාරිහු සදහන් කරති.

අඩි 225 ක දිගින් සහ අඩි 150 ක පළලින් යුත් මෙම ත්‍රෛවර්ණ ඉන්දීය ජාතික ධජය ලේහි කදු මුදුනක් ආශ්‍රිතව ප්‍රදර්ශනය කර තිබිණ.

මෙම විශේෂ උපහාරය හරහා ඉන්දියාවේ අත්යන්ත්‍ර පේෂකර්මාන්තය යළි නගා සිටුවීමට මෙන්ම එය ප්‍රචලිත කිරීමට ද බලාපොරොත්තු වන බව මේ පිළිබද අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි තබා තිබූ ට්විටර් සටහනක දැක්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here