Tuesday, September 24, 2024

පැන්ඩෝරා වත්කම් ගැන ඇහුවාම නිරූපමා ගොලු වෙයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් වටිනා චිත්‍ර ලැබුණු විදිහ ගැන දෙන්නම හංගයි

රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පේපර්ස් හි නම සඳහන් වුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියකවන නිරූපමා රාජපක්ෂ ප්‍රතිලාභ ලබන පැසිෆික් ට්‍රස්ට් නම් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් වටිනා චිත්‍ර එකතුවක් පැවති බවත් ඒ අතර ශ්‍රි ලාංකික සුප්‍රකට චිත්‍ර ශිලිපියකු ජෝර්ජ් කීට්ගේ සහ ඉන්දීය ප්‍රකට සිත්තරකු වන රාජ් රවි වර්මා ගේ තිබුණු චිත්‍රවල වටිනාකම ඩොලර් මිලියන හතරකට අධික බවත් පැන්ඩෝරා පේපර්ස් හෙළි කරයි.

පැන්ඩෝරා පේපර්ස් ලේඛනය සකස් කළ ඇමෙරිකාව පදනම් කර ගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය ICIJ විසින් මේ පිළිබඳව විමසා ඇති අතර ඊට පිළිතුරු දීමට නිරූපමා රාජපක්ෂ හෝ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ඉදිරිපත්ව නැති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

ICIJ මාධ්‍යවේදීන් නිරූපමා රාජපක්ෂට සහ නඩේසන්ට මෙම ප්‍රශ්නවල පිළිතුර දීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා තෙක් කාලය ලබා දී තිබුණද එසේ පිළිතුරු ලබා දී නැත.

මෙම මාධ්‍යවේදීන් නිරූපමා රාජපක්ෂගෙන් විමසා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් වටිනා චිත්‍ර එකතුවකට හිමිකම් කියන පැසිෆික් ට්‍රස්ට් නම් සමාගමේ ප්‍රතිලාභ ලබන්නකු ලෙස ඇයගේ නම සඳහන් වන බවට වාර්තා මඟින් තහවුරු වී ඇති බවත් මය සත්‍යයක්දැයි යන්නත්ය.

එසේම මෙම සමාගමට තමන්ගේ පවතින සම්බන්ධය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස නිත්‍යනුකූලව හෙළි කළ යුතු වුවද එසේ හෙළි නොකළේ මන්දැයි ප්‍රශ්න කර ඇත.

එසේම ඇය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකු ලෙස සිටින කාලය තුළ තම සවාමියාට අයත් සමාගම් ගණනාවක ප්‍රතිලාභ ලබන්නියක ලෙස ඇයගේ නම සඳහන් වන අතර එයින් එක් සමාගමක් වන රොසෙටි නම් විදේශයක ලියාපදිංචි සමාගමේ පාලන පක්ෂයේ සිටි බවට තහවුරු වන ලිපි ලේඛන තමන් සතුව ඇති බවත් එම සමාගම විසින් මඟින් ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර සහ එංගලන්යේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී මහල් නිවාස සහ ඉඩම් මිලදී ගෙන ඇති බවත් දන්වා ඒ පිළිබඳව ඇයගෙන් විමසා ඇත.

මේ අතර නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුතුමාර් නඩේසන් ගෙන් ද පැසිෆික් ට්‍රස්ට් සමාගම සතු චිත්‍ර මිලදී ගැනීම් සම්බන්ධව විමසා ඇත.

මෙම චිත්‍ර පැසිෆික් ට්‍රස්ට් නම් සමාගම මගින් මිලදී ගැනීමේ කතාව සත්‍යයයක්ද ඒවා දැනට බදු නිදහස සහිත ජිනීවා ගබඩාවක් තැන්පත් කර ඇත්තේ ඇයි ද යන ප්‍රශ්න විමසා තිබේ. ඔවුන් මේ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දී නැති බව සදහන් වේ.

2015 වසරේදී තිරු නඩේසන් විසින් ඔහුට අයත්ව තිබූ සමාගමක් වන ඒසියාසිටි නම් සමාගමකට යැවූ ලිපියක් මගින් දන්වා තිබුණේ තම සමාගම් අරමුදල් ලැබුණු ආකාරය ඉදිරියේදී ප්‍රශ්නගත විය හැකි බවය.

එම සමාගම සතුව පවතින තම වාර්තා කුරියර් සේවාවක් මගින් එවන ලෙසට කළ දැනුම්දීම පිළිබඳව සාක්ෂි තමන් සතුව පවතින බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසද මෙම මාධ්‍යවේදීන් ඔහුගෙන් ඉල්ලා ඇත.

එසේ වුවද ඔහුගෙන් මේ පිළිබදව තොරතුරු ලැබී නොමැති බව පැන්ඩෝරා පේපර්ස් වාර්තාවල සඳහන් වෙයි.

මීට අමතරව තිරු නඩේසන්ගේ ගනුදෙනු සහ සමාගම්වල අරමුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් ICIJ මාධ්‍යෙව්දීන් විසින් අසනු ලැබ ඇති අතර ඒවාට පිළිතුර දීමට ඔහු සමත්ව නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles