පැන්ඩෝරා පත්‍රිකාව මඟින් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකුට ඇඟිල්ල දිගු වී නැහැ

0
323

පැන්ඩෝරා පත්‍රිකාව මඟින් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකුට ඇඟිල්ල දිගු වී නැති බවත් ඉන් චෝදනා එල්ල වී ඇත්තේ මෙරට ව්‍යාපාරිකයකු සහ ඔහුගේ බිරියට බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිළි කිරීමට ඕනෑම පුද්ගලයකුට අයිතියක් තිබෙන බවත් ඇතැම් මාධ්‍යවල එය වාර්තා කර තිබුණු බවත් ඔහු සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (6) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මේ බව පැවසීය.

ලෝකය පුරා සිටින රාජ්‍ය නායකයන් 35 දෙනකුට හා රාජ්‍ය නිලධාරීන් 300 දෙනකුට මින් චෝදනා එල්ල වී ඇති බව පැවැසූ ඇමැතිවරයා ඒ අතර ටෝනි බ්ලේයාර් වැනි රාජ්‍ය නායකයන් සහ සචින් තෙන්ඩුකාර් වැනි තරු සිටින බවද ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here