බලුකිස්ථාන් පළාතට ප්‍රබල භූ කම්පනයක්

0
303

බලුකිස්ථාන් පළාතට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.එහි අගය රිච්ටර් මාපාංක 5.7ක අගයක් ගෙන ඇති බවට බීබීසී පුවත් සේවය වාර්තා පවසයි.  

මෙම භූ කම්පනය හේතුවෙන් 20 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසා ඇත්තේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 150දෙනෙකුවත් තුවාල ලබා ඇතැයි වර්තාවෙයි. ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදු වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ගැන මෙතෙක් අනතුරු අඟවා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here