හදුන්නෙත්ති නිල රථය එපා කියයි

0
471

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපති වෙනවා. ඒ සඳහා ඔහුට නිල රථයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇති නමුත් සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එම රථය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙනවා.

ජවිපෙ 2004 වසරේදී අමාත්‍යාංශ 4ක කැබිනට් ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු 8දෙනෙකු කටයුතු කළා. එම සමයේදීත් ඇමතිවරුන්ගේ පරිහරණය සඳහා සිය අමාත්‍යාංශවල තිබූ සියළු රථවාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අනුයුක්ත කර පරිහරණය සඳහා අවශ්‍ය අවම වාහන කිහිපයක් පමණක් ලබා ගැනීමට ඔවුන් වග බලා ගත්තා.

අද පවතිනේ ඇමති උදවිය “සැප වාහන” පසු පස යන කාලයකි. මැති ඇමතිවරු ජනතා මුදල් වියදම් කරමින් සිය සුඛවිහරණය සඳහා සුඛෝපභෝගී රථවාහන ගෙන්වීමට හා එය සාධාරණීකරණ කිරීමට උත්සාහ කරන කාලයි. එවැනි සමයක සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මෙම තීරණය ඉතා අගයකරන බව දේශපාන විචාරකයෝ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here