අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ ගැසට් පත්‍රයට අනුමැතිය

0
313

අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.

තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ වන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා නව නීතියක් හඳුන්වා දීමට පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය හිමි වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කර ඇති පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here