නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සඳහා TRCට ඉඩම් පැවරේ

0
286

නෙළුම් කුළුණ ව්‍යාපෘති සංකීර්ණය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉඩම් පවරා දීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වෙමින් පවතින අතර එහි වාණිජකරණ සහ මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහිදී තවදුරටත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු කිහිපයක්ම හදුනාගෙන ඇති බව සඳහන්.

පෙරේදා (05) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා ව්‍යාපෘති පරිශ්‍රය ආශ්‍රිතව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 4 ක පමණ ඉඩම් ප්‍රමාණය මේ ආකාරයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පවරා දීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here