වසර හතරක සිට මත්ද්‍රව්‍ය භාවිත කළ ෂාරුක්ගේ පුතා

0
315

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම ඇතුළු චෝදනා සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් වූ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් වසර 4ක කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිත කරන බව පිළිගෙන තිබෙනවා.

මුම්බායි නුවර සිට ගෝව බලා යාත්‍රා කරමින් තිබූ සුපිරි නෞකාවක පැවැති සාදයකට සහභාගි වෙමින් සිටියදී ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු පොලීසිය විසින් සිදු කළ මෙහෙයුමකදී පසුගියදා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු මීට පෙර බ්‍රිතාන්‍යය, ඩුබායි සහ වෙනත් රටවල සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කළ බව පිළිගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු සිය පියා සමඟ මිනිත්තු දෙකක කාලයක් දුරකතනය ඔස්සේ කතා කිරීමට පොලිසිය අවසර දී තිබෙනවා.

23 හැවිරිදි ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හඬා වැටී ඇති අතර ආර්යන් ඛාන් ඇතුළු පිරිස මේ මස 7 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here