පැන්ඩෝරා හෙළිදරව්ව – චෝදනා ගැන විමර්ශනයක්

0
293

පැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙහිදී අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ම අදාළ චෝදනා පිළිබඳව අදහස් දක්වා තිබේ.

එසේම එම චෝදනා මගින් රටට සිදුවිය හැකි හානිය පිළිබඳවද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

මේ අනුව අදාළ චෝදනා පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ. මේ අනුව අදාළ විමර්ශනය ගැන ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරිමට නියමිතව තිබේ.

නිරූපමා හා තිරුකුමාර් යුවලට ලන්ඩන් නුවර හා සිඩ්නි නුවර එපාට්මන්ට් ඇතුළු විවිධ දේපළ ඇති බවට මෙයින් චෝදනා කර තිබුණි.

ඩේලි මිරර් ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here