වයඹ මහඇමතිකම ගැන රෝහිත කතා කරයි

0
414

තමාට දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බවත්, දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති මහ මැතිවරණ ව්‍යාපාරවලදී තම පියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පමණක් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ පවසනවා.

තමා වයඹ පළාතේ මහ ඇමති ආසනයට තරඟ කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් රෝහිත රාජපක්ෂ පවසන්නේ තමා දේශපාලනයට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නැති නමුත් ජනතාවගේ යහපත උදෙසා සමාජ ව්‍යාපෘති වලට සම්බන්ධ වන බවයි.

“අග්‍රාමාත්‍යවරයා මුළු රටම රැකබලා ගන්නා අතරේ කුරුණෑගලට පමණක් කැපවීමට ඔහුට වැඩි කාලයක් නෑ. ඒ නිසා ඔවුන්ගේ දුක් ගැනවිලි සොයා බලා ඔවුන්ගේ ගැටලු විසඳීමට මට බාර වී තිබෙනවා” රෝහිත වැඩිදුරටත් පවසන්නේ තමා මෙම සමාජ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වූයේ හොඳ හිතින් මිස ඡන්ද ලබා ගැනීමේ අදහසින් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here