තලෙබාන් සිදුකළ සමූල ඝාතනයක් ගැන තොරතුරු

0
264

නව යොවුන් වියේ පසුවන දැරියක් ඇතුලු හසාරා ජාතිකයින් 13 දෙනෙකුව තලෙයිබාන් සංවිධානය ඝාතනය කර ඇති බවට ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී දයිකුන්ඩි පළාතේදී මෙම සමූල ඝාතනය සිදුකර ඇති බවට සාක්ෂි ඇති බව එම ආයතනය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූවන් අතර 17 හැවිරිදි දැරියක් සිටින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය චෝදනා කරන්නේ මෙම ඝාතන සිද්ධිය යුද අපරාධයක් බවය.

කෙසේවෙතත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව තලෙබාන් සංවිධානය පවසා තිබේ.

හසාරා ප්‍රජාව ඇෆ්ගනිස්ථානයේ තුන්වන විශාලතම ජනවාර්ගික කණ්ඩායම ලෙස සැලකෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here