ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධ ප්‍රශ්නයෙන් ඊයේ දිනයේත් පාර්ලිමේන්තුව උණුසුම් විය.
එහිදී විපක්ෂය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ ඉතිරි තෙල් ටැංකි 85 ඉන්දියාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙසය.
ගම්මන්පිල මහතා කියා සිටියේ දැනටමත් සියලු තෙල් ටැංකි පැවැති 2003 එජාප රජය විසින් ඉන්දියාවට පවරා දී ඇති බවකි.
මෙහිදී විපක්ෂයේ් මන්ත්‍රීවරුන් දිගින් දිගටම ගම්මන්පිල මහතාගෙන් පිළිතුරු ඉල්ලද්දී ඒ මහතා කියා සිටියේ අද දින අදාළ ගිවීසුම සභාගත කිරීමට පියවර ගන්නා බවකි.