Tuesday, November 19, 2024

ඇමැති සුසිල් ගුරු – විදුහල්පති ගැටළු විසඳන හැටි කියයි

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය අදියරෙන් අදියර විසඳන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසීය.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය විසඳුම ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ගුරු විදුහල්පති සංගම්වලට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා දුම්කොළ බද්ද වැඩි කර ඒ මුදල් යොදවා ගුරු විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.

බුද්ධික මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා එය වැදගත් යෝජනාවක් බව පැවැසීය.

තමා එම යෝජනාව මුදල් ඇමැතිවරයාට ඉදිරිපත් කරන බවද ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles