ගමේ සාමය රකින තැන් තවත් 97ක්

0
268

මේ වසර ඇතුළත පමණක් අලුතින් පොලිසි 97ක් විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) පැවසීය.

ඒ අතුරින් පොලිසි හැට හයක් මේ වන විටත් විවෘත කර තිබෙන බවද වීරසේකර මහතා සඳහන් කළේය .

පසුගිය ආණ්ඩුව යටතේ නව පොලිස් ස්ථාන 55 ක් අලුතින් අරඹා තිබෙන බවද වීරසේකර මහතා සඳහන් කළේය .පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ (පො.පෙ) මහතා ඉදිරිපත් කර ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් සරත් වීරසේකර මහතා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here