Tuesday, November 19, 2024

ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයන්න 20 අහෝසි කරන්න

රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාම සඳහා 20 වැනි සංශෝධනයෙන් ඇතිකළ ඒකාධිපති බලතල වහා ඉවත් කිරීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.

ඉතිහාසයේ නොවූ විරූ අභියෝග රැසකට රට මුහුණ දෙමින් සිටින බැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනා එක්ව සමගියෙන් මෙම අභියෝග ජය ගත යුතුව ඇතැයි ද ජයසූරිය මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා තවදුරටත් මෙසේ ද කීය.

“අපේ රටේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් මහා ව්‍යසනයක් අභියස සිටින බව සියලුදෙනා තේරුම්ගෙන ඇති කරුණකි. රටට ආදරය කරන ජාතික නායකයින් ඇතුළු සැමදෙන බුද්ධිමත්ව දුරදිග බලා, සමගි සම්පන්නව ක්‍රියාකලහොත් මේ සියලු අභියෝගවලට විසදුම් සොයා ගතහැකි බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප දැඩිව විශ්වාස කරනවා.

20 වැනි සංශෝධනය තුළින් මුලු රටේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු ආකාරයත්, ජනගහනයෙන් 82% පමණ ජනතාව පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුමත නොකළ බව සමීක්ෂණවලින් පෙනීගිය බව මීට පෙර අපි සදහන් කළා. ජනාධිපතිතුමාට උපදෙස් දෙන උත්තරීතර සංඝ සභාව නියෝජනය කරන මාහිමිපාණන් පවා මෙවැනි දැඩි පනතක් බලාපොරොත්තු නොවූ බව අපහට කීප අවස්ථාවල්වල දන්වා තිබෙනවා.

සමීක්ෂණ කණ්ඩායම සැප්තැම්බර් මස කළ අධ්‍යනයේදී 20 වැනි සංශෝධනය අනුමත නොකරන සංඛ්‍යාව 94% දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා කරඇත. මහජනතාව දරණ මතය නම් 20 වැනි සංශෝධනය හා 2/3 බලයත්, සහල් මිල පාලනය සදහා ගැසට් 8ක් හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය සදහන් මිල පාලන ක්‍රියාත්මක කලත් ඒ සියලු උත්සාහයන් බලරහිත වූ බව තේරුම්ගෙන ඇති හෙයිනි එහෙයින් ජනාධිපතිතුමා ඉතා ඉක්මනින් 20 වැනි සංශෝධනයෙන් ඇති වූ අසාධාරණය නිවැරදි කරනු ඇතැයි යන්න ජනතා බලාපොරොත්තුවයි” යැයිද එහි සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles