පැන්ඩෝරා’ හෙළි කිරීමට අදාල ලේඛණ 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් සම්බන්ධ ඒවා නිසා රාජපක්ෂ රජයට කිසිසේත් අදාල නොවන බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් කළ යුතුයි යන ස්ථාවරයේ රජය සිටින බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
‘පැන්ඩෝරා’ ලියවිලිවල 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් ආයෝජනය කර ඇති ආකාරය පිළිබඳව අන්තර්ගතව ඇතැයි කී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 1990 සිට 2000 දක්වා මහින්ද රාජපක්ෂ යුගය ආරම්භ වී නොතිබීම නිසා එය රාජපක්ෂ රජයට අදාල කාලයක් නොවන බව සඳහන් කළේය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.