මිල පිළිබඳ ගැටලුවක් නිසා ලාෆ්ස් සමාගම සැපයුම් සීමා කිරීම නිසා පාරිභෝගිකයන් බරපතළ පීඩාවකට පත්ව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර වෙනම ආයතනයක් පිහිටුවා ඇති බවත් ලංකාවට අවශ්‍ය ගෑස් මිල දී ගැනීම එම ආයතනයට පවරා ඇති බවත් දිසානායක මහතා මෙහිදී පැවැසීය.
මෙම ක්‍රියාමාර්ගය කැබිනට් අනු කමිටු තීරණයට පටහැනි එකක් බව සේවකයන් පවසන්නේ යැයි සඳහන් කරන මන්ත්‍රීවරයා එම නව සමාගම් අධ්යක්ෂ මණ්ඩලය වෙනම රැස්වී අද තීන්දු කරමින් සිටින බවද සඳහන් කළේය.
ගෑස් සැපයුමේ පෞද්ගලික ඒකාධිකාරියක් නිර්මාණයවීම නිසා ලිට්රෝ ගෑස් සමාගමේ වෙළෙඳපොළ ස්වාධීන පැවැත්ම අවදානමට ලක් වන බවද ඔහු කීවේය.
කැබිනට් අනු කමිටුවේ තීරණයට පිටින් මෙම තීන්දුව ගත්තේ කවුදැයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
එසේම මෙම තීරණය හේතුවෙන් ලිට්රෝ සමාගමේ පැවැත්ම අවදානමක ලක් නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක් දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.