Wednesday, November 20, 2024

ජාතික සම්පත් විකිණීමට එරෙහිව සජිත්ගෙන් කමිටුවක්

රටේ ජාතික සම්පත් විකිණිමට එරෙහිව කටයුතු කිරීම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් නිර්මාණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙි අතර දරු පරපුරේ අනාගගය ගැන හිතලා වසර දෙකකට ආසන්න කාලයක් අන්ධකාරයේ සිටි අපේ දරුපරපුර ආලෝකය කරා ගෙන යන්නට ගුරුවරුන්ගේ සහයෝගය ඉල්ලා සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය.

හිටපු අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පසුගිය වසරේ අයවැය විවාදයේදී ඊළඟ අයවැයේදී ගුරු වැටුප් විෂමතාව විසඳන එතෙක් තාවකාලිකව වැටුපට විෂමතා මුදල එකතු කරන තෙක් ඒ මුදලට දීමනාවක් ලෙස එකතු කරන්නේ යැයි පැවසූ බවත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා එදා කළ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමෙන් දේශපාලඥායන් පිළිබඳව ජනතාව තුළ හොඳ චිත්‍රයක් නිර්මාණය වන බව ද කීය.

ගුරුවරුන්ගේ කාර්යක්‍ෂම සේවාවක් ලබාගැනීමට නම් ඔවුන්ගේ චිත්ත ධෛර්යත් සහ මානසික තෘප්තිය වැඩි කිරීම සඳහා වැටුප් විෂමතාවට විසඳුමක් දිය යුතු බව ද පැවැසීය.

ගුරු – විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (6) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුව අමතමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles