කටුනායක PCR පරීක්ෂණාගාරය දවස් 2කින් වසා දැමූ හේතුව සෝභිත හිමි හෙළි කරයි

0
318

PCR පරීක්ෂණවල ප්‍රමිතිය පිළිබඳ මතුවී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයට නියෝගයක් නිකුත් කරන ලෙෂ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අදාළ පෙත්සම ගෙනු කර ඇති බව සඳහන්.

ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමන් පසුගියදා ඩුබායි බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ කොරෝනා වෛරසය ආසාදිත නොවන බවට තහවුරු කළ පෞද්ගලික රෝහලකින් ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත් විදේශ ගතවීමට ප්‍රථම කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත රසායනාගාරයේදී තමන්ව පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කෙරුණු අතර එහිදී තමා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වූ බව පෙත්සම් කරු පෙන්වා දෙනවා.

එබැවින් තමන්ට විදේශ ගතවීමට නොහැකි වූ අතර අදාළ පී සී ආර් පරීක්ෂණ ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රශ්ණකාරී තත්වයක් උද්ගත වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සමේ සඳහන්

මේ අතර කටුනායකදී සිදු කරන පී සී ආර් ක්‍රමවේදය සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here