නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයෙනුත් කෝටි 13 ක පාඩුවක්

0
345

නොරොච්චෝලේ තාප විදුලි  බලාගාරයටගෙනා ගල් අඟුරුවලට බදු අය කිරීමේ දී සිදුවූ වැරැද්දක් නිසා  රුපියල් කෝටි 13 කට වැඩි ආදායමක් රජයට අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) වාර්තාවේ සඳහන්වේ .

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතන රැසකින් පසුගිය වසරේදී පද්ධති දෙකක් හරහා රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු  මුදල් ප්‍රමාණයක්  අයකර ගත යුතුව තිබුණත්  අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි හාරසිය හතළිස් දෙකක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව එහි සභාපති මන්ත්‍රී මහාචාර්ය  තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ(6)පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය. මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here