ගුරුවරුන්ගේ පමණක් වැටුප් වැඩි කලොත් වර්ජන රැල්ලක් – GMOA

0
316

ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා නොකරන අයුරින් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි වුවහොත් ඉන් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා නොවුණහොත් යළිත් 2003 වසරේ මෙන් වෘත්තීය සමිති ක්‍රියාදාමයක් ඇතිවිය හැකි බවයි.

වැටුප් පරිමාණ අනුපාතය ඉහළ නංවමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙසත් ජාතික දීමනා ප්‍රතිපත්තියක් රාජ්‍ය සේවයට හඳුන්වා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කව දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here