EPF සාමාජිකයන්ට පණිවිඩයක්

0
291

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් තැන්පත් කිරීම්වලට අදාල තොරතුරු කෙටි පණිවිඩයක් ඔස්සේ සාමාජිකයන් වෙත දැනුම්දීම සඳහා නව වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ එමෙන්ම අර්ථසාධක අරමුදල සඳහා දැනට භාවිත කරන පැරණි පෝරම වෙනුවට ඔන්ලයින් තාක්ෂණය හරහා අදාල ලේඛණ සම්පූර්ණ කිරීම සඳහා ද නව වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත සහ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් පිළිබද පාර්ලිමේන්තුවේ ඊයේ (07) පැවැත්වූ විවාදයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here