එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එන තරුණ තරුණියන්ට දේශපාලන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සැලසීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පුහුණු කිරීම් කරන ආයතන සමඟ සම්බන්ධ වී මෙම කාර්යය සිදුකිරීමට නියමිතව තිබේ.
පශ්චාත් කෝවිඩ් සමයෙන් පසු නව සමාජ ක්‍රමය සමඟ නූතන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම සඳහා වැඩදායී මඟ පෙන්වීමක් කිරීම ඉහත පාඨමාලා ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙි.