Monday, November 18, 2024

ක්‍රිප්ටෝ මුදල් හා බ්ලොක්චේන් තාක්‍ෂණය ලංකාවට හඳුන්වාදීමට යයි

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය හා ක්‍රිප්ටොකරන්සි මයිනින් ඇතුළු අනෙකුත් සේවාවන් ශ්‍රී ලංකාවට විවෘත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවයි කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ. මීට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව එකී ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාලි සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

DARID ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම, ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම පිණිස ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීම මත මෙම තීරණය ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles