සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.
එමෙන්ම එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළයෑමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.
අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉදිරියේදී යළිත් වරක් ගෑස්, කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළයාමට නියමිතය.