ඩයනාට සමගි ජනබලවේගය අහිමිවෙයි

0
289

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ විනය කමිටුව තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ බව තහවුරු කළේය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ මහත්මිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නියෝජනය කරන පොදුජන පෙරමුණේ ආණ්ඩුවට 2/3ක බලය ලබාගැනීමට සහය දුන්නාය.

සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිමය තීන්දුවලට එරෙහිව ක්‍රියා කිරීම නිසා ඇය පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here