හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස දන්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු රූපවාහිනී නාලිකා තුනක් වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය විසින් නියෝග කර තිබේ.
එමෙන්ම හිටපු අමාත්‍ය බදියුදීන් මහතාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළක්වමින් අමාත්‍ය විමල් වීරවංශ හා දෙරණ, හිරු හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකා වෙත ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ලෙස කෙරුණු ඉල්ලීම ද කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් අද ප්‍රතික්ෂේප කර ඇත.
අනතුරුව නඩුව නැවත ජනවාරි මස 24 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින නඩුවට අදාළ උත්තර ගොනුකරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කර තිබේ.
ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී “මුස්ලිම් අන්තවාදය හා පාස්කු කොමිසම” නමැති දේශනයේදී විමල් වීරවංශ අමාත්‍යවරයා පළ කරනු ලැබූ ඇතැම් අදහස්වලින් තමන්ට දැඩි අපකීර්තියක් සිදුවූ බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
විමල් වීරවංශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය හිරු, දෙරණ සහ ස්වර්ණවාහිනි නාලිකා ඔස්සේ ද ප්‍රචාරය කෙරුණු බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවූ බව බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණි.
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ හා ප්‍රචාරයන් සිදුකිරීම වළක්වාලමින් වගඋත්තරකරුවන් වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අයකර දෙන ලෙස ඉල්ලමින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම නඩුව ගොනු කර තිබී ඇත.
ඒ එම ප්‍රකාශය නැවත රූපවාහිනී ඔස්සේ විකාශය කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිමිනි.
දෙරණ රූපවාහිනී නාලිකාව වෙනුවෙන් නීතිඥ සුදත් පෙරේරා මහතාගේ උපදෙස් මත නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා පෙනී සිටියේය.
ඊයේ දින එම පෙත්සම සලකා බැලූ කොළඹ දිසා අධිකරණ අංක 1 ප්‍රධාන දිසා විනිසුරු අදාළ වාරණ නියෝගය සහ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළා.